Thursday, September 19, 2024

General line - 0115112241

ඩිල්ෂාන්ගේ ‘අවසන් ඉල්ලීම‘ මෙන්න




වසර 17ක් පුරා තමාට ලබාදුන් සහයෝගය කණ්ඩායමේ තරුණ ක‍්‍රීඩකයින්ට ද ලබාදෙන්නැයි ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක‍්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් සියලූදෙනාගෙන් ඉල්ලීමක් කරනවා.

සිය අවසන් ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයට ඊයේ සහභාගි වීමෙන් අනතුරුව පැවති උත්සවයේදී ඔහු මෙම අදහස් පළ කළා. ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා දෙවන පන්දුවාර විස්ස තරගය දිවා රාත‍්‍රී තරගයක් ලෙස ඊයේ පැවැත්වුණේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි. තරගය අවසානයේ පැවති උත්සවයේදී සිංහල භාෂාවෙන් රැස්ව සිටි දහස් සංඛ්‍යාත පේ‍්‍රක්ෂකයින් ඇමතූ ඩිල්ෂාන් තමාගේ ගමනට සහය දුන් පිරිස් අගය කළා.

තමා සමග මෙතෙක් කල් රැඳී සිටි පේ‍්‍රක්ෂකයින්ට ද සිය ආචාරය පුද කිරීමට ඩිල්ෂාන් මෙහිදී අමතක කළේ නැහැ.

කෙසේ වෙතත් ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය ජයග‍්‍රහණයකින් නිම කිරීමට ඔහුට අවස්ථාවක් උදා වූයේ නැහැ.

ඒ, ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා දෙවන පන්දුවාර විස්ස තරගයේදී ද ඔස්ටේ‍්‍රලියාවේ ග්ලේන් මැක්ස්වෙල් යළි කි‍්‍රයාත්මක වීම හේතුවෙන්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව කඩුලූ 9කට රැස්කළේ ලකුණු 128ක් පමණයි.