Thursday, September 19, 2024

General line - 0115112241

උතුරේ සංවර්ධනය ප්‍රමාද කරන්නේ නෑ!




රටේ සංවර්ධනය පිළිබඳ ගත යුතු තීන්දු තීරණ කිසි විටෙකත් ප‍්‍රමාද කළ නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා කියා සිටියේ උතුරේ සංවර්ධන කටයුතු ද කිසිදු ප‍්‍රමාදයකින් තොරව ඉටු කිරීමට පියවර ගන්නා බවයි. ඒ, යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

සංවර්ධන කටයුතුවල තිබෙන ප‍්‍රමාදයන් පිළිබඳ සොයා බලා ඒවා වැළැක්වීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

මේ අතර යාපනයේ ඉදිකළ නව පොලිස් ස්ථානය ද ජනාධිපතිවරයා අතින් ඊයේ විවෘත කෙරුණා. එම අවස්ථාවට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.