Thursday, September 19, 2024

General line - 0115112241

එජාප 70වන සමුළුවේදී හොරුන්ට රතුඑළියක්




එක්සත් ජාතික පක්ෂයේ 70වන සමුළුව බොරැල්ල කැම්බල් පිටියේදී මේ වන විටද පැවැත්වෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන මහතා එක්ව සිටිනවා.

පිළිගැනීමේ කතාව සිදුකරමින් රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ රටට ඉදිරියේදී සහන රැසක් වත්මන් ආණ්ඩුව යටතේ හිමිවන බවයි.

අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ද රැස්ව සිටි පිරිස ඇමතුවා. ඔහු සඳහන් කළේ නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින්ට සිදුවන්නේ කුමක්දැයි ජනතාව අසන ප‍්‍රශ්නයට මාස 6ක් තුළ විසඳුම් ලැබෙනු ඇති බවයි.

මෙම සමුළුව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සහභාගි වී සිටිනවා. මීට අමතරව සම්මුතිවාදී ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරු රැසක් ද සමුළුවට එක්ව සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.