බොරැල්ල ප්රදේශයේදී බන්ධනාගාර නියාමකවරයෙකු පැහැරගෙන ගොස් තිබෙනවා. ඊයේ රාත්රී 7.30ට පමණ මෙම පැහැරගැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි විහාරස්ථානයට ගොස් යළි එමින් සිටියදී මෙම පැහැරගැනීම සිදුව තිබෙනවා. පැහැරගත් පිරිස යළි මෙම බන්ධනාගාර නියාමකවරයා මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටට ගෙනැවිත් දමා ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.
මේ වන විට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා. ඔහුගේ සිරුරේ කැපුම් තුවාල ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
මෙම බන්ධනාගාර නියාමකවරයා මැගසින් බන්ධනාගාරයේ විනය අංශය භාරව සේවය කළ අයෙක්. කෙසේ වෙතත් පැහැරගැනීමට හේතුව හෝ පැහැරගත් පුද්ගලයින් පිළිබඳව හෝ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.