Monday, December 23, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකන් ගුවන් නියමුවන් සටන අත් නොහරී!




තමන් සිදුකරගෙන යන කි‍්‍රයාමාර්ගය තවමත් නතර කර නැතැයි ගුවන් නියමු සංසදය පවසනවා. එහි සභාපති රේණුක සේනානායක සදහන් කළේ තම ඉල්ලීම්වලට විසදුමක් ලැබෙන තුරු ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම සමග සහයෝගයෙන් රාජකාරී නොකරන බවයි.

මේ වන විට තමන් අතිකාල සේවාවන්වලින් සහ නිවාඩු දිනයන්හි සේවාවලින් ඉවත්ව සිටින බවද ඔහු පැවසුවා.

තම සංසදය ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් වුවත් ඔවුන් ඊට දක්වන ප‍්‍රතිචාරය ප‍්‍රමාණවත් නොවන බවයි රේණුක සේනානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ කි‍්‍රයාමාර්ගයක නිරත වුවද ගුවන් ගමන්වලට ගැටලූවක් නොමැති බවයි.

ඔවුන් සඳහන් කරන පරිදි රාජකාරියෙන් ඉවත් කර ඇති කපිතාන්වරයා යළි සේවයට අනුයුක්ත කිරීමට නොහැකි බවද ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම අවධාරණය කළා.