ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු එල්.ටී.ටී.ඊයට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකිකයෙකු මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම සැකකරු ඉකුත් සැප්තැම්බර් පළමුවෙනිදා පූනේ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණා. ඒ, ව්‍යාජ ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජර්මනිය බලා පිටත්ව යාමට උත්සහ දැරූ අවස්ථාවේදීයි.
පසුව මෙම සැකකරු මුම්බායි ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් කර එවූ බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය අද (10) වාර්තා කළේ.
සැකකරු එල්.ටී.ටී.ඊ. හමුදා අංශයට සම්බන්ධව කටයුතු කර ඇති බවත් අවි පුහුණුව ලබා ඇති බවත් අනාවරණ වී තිබෙනවා.