රාජගිරිය දේශිය වෛද්‍ය විද්‍යා ආයතනයේ පරිඝණක , රූපවාහිනී යන්ත්‍ර සහ තවත් භාන්ඩ රැසක් සොරාගත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලීසිය සමත්වුණා.මෙම සොරකම සිදුවූයේ පසුගිය 5වනදායි.
එදින එම ආයතනයේ සේවයේ නිරතව සිටි පෞද්ගලික ආරක්ෂක සේවයක නිලධාරීන්ගේ සහය ඇතිව මෙම සොරකම සිදුව ඇති බවයි පොලිස් පරීක්ෂනවලදී අනාවරණය වී තිබෙන්නේ.
සොරකම සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් වයස අවුරුදු 18ත් 25ත් අතර වයස් කාණ්ඩවල පසුවනවා.
එම සැකරුවන් ලුනාව සහ කැකිරාව ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි වාර්තාවන්නේ.