Monday, December 23, 2024

General line - 0115112241

හොරෙන් කුණු දාන අය අල්ලන්න පොලීසියෙන් අලුත් වැඩක් (VIDEO)




කොළඹ සහ තදාසන්න නගරවල අනවසරයෙන් කසල බැහැර කිරීම වැළැක්වීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

යුද හමුදාවේද සහය ලබාගෙන මෙය කි‍්‍රයාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කොළඹ මහනගර සභාව, මහරගම, බොරලැස්ගමුව, කඩුවෙල, ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස සහ මොරටුව යන පළාත් පාලන ආයතන බලප‍්‍රදේශවල මෙම වැටලීම් කි‍්‍රයාත්මකයි.

ඉකුත් 5 වනදා සිට ඊයේ (10) දිනය දක්වා සිදුකළ වැටලීම්වලදි අනවසරයෙන් කසල බැහැර කරන පුද්ගලයන් 84 දෙනෙකු හඳුනාගෙන ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කර ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කළා.

බස්නාහිර පළාත තුළ පළාත් පාලන ආයතන මගින් කසල කළමනාකරණ කටයුතු සදහා මූලිකත්වය ලබාදී කටයුතු කළද ප‍්‍රජාවගෙන් ලැබෙන දායකත්වය ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් විවිධ පරිසර ගැටළු ඇති වී තිබෙන බවද පොලිස් මූලස්ථානය සදහන් කළා.

විවිධ පුද්ගලයන් කොළඹ අවට ප‍්‍රදේශවලට අනවසරයෙන් කසල බැහැර කරන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කිරීමටද පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා. එලෙස නිකුත් කෙරුණු වීඩියෝ දර්ශන පහතින් දැක්වේ.