ඉදිරි මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග කිරීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්තෙන් පසුවන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය පවසනවා.
කොළඹදී අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
“ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා අපිට එකතුවුනාම එදාම රෑ ටී.එන්.ඒ නායකතුමා කතාකරලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා ඇයි ඔබතුමා ඩග්ලස් දේවානන්දව ගන්නේ. ටී.එන්.ඒ කැමතියි ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඊලඟ මැතිවරණය තරග කරන්න කියලා. සමහර විට ඊලඟ සන්ධානයේ අපේ කොටසක් වෙන්න පුළුවන් ටී.එන්.ඒ එක”.