එක්සත් ජාතික පක්ෂය යනු දේශප්‍රේමි පක්ෂයක් බවත් කිසිවිටක දේශද්‍රෝහී වැඩකයුතු කර නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අලුත් රටක ඉදිරියට යන්න හිතන අය එන්න තේමාව යටතේ අද බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සර උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
“අපි දේශප්‍රේමී පක්ෂයක් කියලා මම කියන්න කැමතියි. අපි කිසිවිටක දේශද්‍රෝහී වැඩකටයුතු කරලා නැහැ. මම කිසිවිටක ඡන්දයක් දිනන්න කියලා , ජනාධිපතිවරණයක් දිනන්න කියලා එල්.ටී.ටී.ඊය එක්ක ගිවිසුම් ගහලා නැහැ. ඊට වඩා හොඳයි මට පරාජය. එල්.ටී.ටී.ඊය සමග ගිවිසුම් ගැසීම දේශප්‍රේමී කියලා කියනවා. එක්සත් ජාතික පක්ෂය එක්ක ගිවිසුම් ගහන එක දේශදෝහී කියලා සමහර අය කියනවා.දැන් රටේ ජනතාවට තීරණය කරන්න පුළුවන් කවුද දේශද්‍රෝහී කවුද දේශප්‍රේමි කියලා”