Wednesday, April 24, 2024

General line - 0115112241

හම්බන්තොට පොලිසියේ පහකට ස්ථාන මාරු




වී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හළ සැකකරුවෙකු අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයටත් සෙසු නිලධාරීන් කතරගම, තංගල්ල, බෙලිඅත්ත සහ තිස්සමහාරාමය යන පොලිස් ස්ථානය වෙත ද මාරුකර යවා ඇති බවයි.

ඉකුත් පස් වනදා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා. ඔවුන් හය වන දින හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති බවයි පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඉන් අනතුරුව එක් සැකකරුවෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ආරම්භ කෙරුණා.