Thursday, November 30, 2023

General line - 0115112241

නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද




අපවත් වී වදාළ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේදීයි.

සියලුම නිකායන් නියෝජනය කරමින් නායක සහ අනුනාකය හිමිවරුන් මෙන්ම ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා ද මෙම ආදාහන පූජෝත්සවයට සහභාගී වනු ඇති.

අනු නා හිමියන්ගේ දේහය රැගත් රිය පෙරහැර පස්වරු 01 ට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ‍්‍රී කල්‍යාණි ධර්මාශ‍්‍රමයෙන් පිටත් වන අතර පස්වරු දෙක පමණ වනවිට රිය පෙරහැර පාර්ලිමේන්තු වට රවුම අසළට පැමිණීමට නියමිතයි.

අනු නා හිමියන්ගේ දේහය එතැන් සිට පා ගමනින් වැඩමවන අතර පස්වරු 3.15 ට පමණ එය ආදාහන මළුවට ළඟා වනු ඇති.

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ආදාහන කටයුතු පස්වරු 5.26 ට සිදු කෙරෙනවා.

01 02