Friday, April 26, 2024

General line - 0115112241

මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්ට වයිකෝගේ විරෝධය




මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ‍්‍රහිම් අන්සාර්, රාජ්‍ය තාන්ත‍්‍රික භූමිකාවෙන් ඔබ්බට ගොස් ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කරමින් ඇතැයි ඉන්දීය ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් පක්ෂයේ මහ ලේකම් වයිකෝ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ නිසා ඊබ‍්‍රහිම් අන්සාර් වහා ශ‍්‍රී ලංකාවට කැඳවිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැලේසියානු සංචාරයේ දී ඊට විරෝධය පෑ දෙමළ වැසියන් එල්. ටී. ටී. ඊ. හිතවාදීන් ලෙස හඳුන්වා දීමට මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මැලේසියාවේ පැවති ලෝක දෙමළ කොංග‍්‍රසයේ රැුස්වීමට සහභාගී වීම සඳහා මහ කොමසාරිස්වරයා තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බවයි වයිකෝ ප‍්‍රකාශ කර තිබෙන්නේ.

එම නිසා ඊබ‍්‍රහිම් අන්සාර් කඩිනමින් ශ‍්‍රී ලංකාවට කැඳවා වෙනත් මහ කොමසාරිස්වරයෙකු පත් කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මැලේසියාවේ බෞද්ධ විහාරස්ථානයකට කෙරුණු ප‍්‍රහාරයන්ට හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එරටදී කෙරුණු උද්ඝෝෂණ සඳහා සහභාගි වූ කිසිවෙකු ශ‍්‍රී ලංකාවේ සම්භවයක් සහිත අය නොවන බව තහවුරු වී තිබෙනවා.

බුද්ධි අංශ වෙත වාර්තා වී ඇති පරිදි ඔවුන් සියලු දෙනා දකුණු ඉන්දියාවේ සිට මැලේසියාවට ගිය අයයි. මෙම පිරිස තවමත් එල්.ටී.ටී.ඊ. මතය නියෝජනය කරන බවද බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙනවා. මැලේසියාවේ පීනෑග් ප‍්‍රාන්තයේ කි‍්‍රයාත්මක ‘‘සීරෝ තර්ටිසික්ස්’’ නමැති පාතාල කල්ලියක් ද අදාළ ප‍්‍රහාරවලට සහය වී ඇති බවයි මීට පෙර අනාවරණ වුණේ.