Saturday, April 20, 2024

General line - 0115112241

‘ලංකාව දූපතක් නිසා පහසුවෙන් ගොදුරු වෙනවා’




දූපතක් වීම නිසා ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධකරුවන්ට පහසුවෙන් විවෘත වී ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය රට තුළ වේගයෙන් ව්‍යාප්ත වීමට ද මෙය හේතුවක් වී තිබෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.  මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීමට ආර්ථික කාරණා ද හේතු වී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මව්පියන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්, දරුවන් පිළිබඳ වඩා විමසිලිමත් වීමෙන් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වළක්වාගත හැකි බවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.

මත්ද්‍රව්‍ය රටට ඇතුළු වීම වළක්වාලීම සඳහා ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය සහ රේගුව ඇතුළු ආයතන එක්කරගනිමින් ආණ්ඩුව ද පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (12) පැවති මත් නිවාරණ වැඩසටහනකදී මෙම අදහස් පළ කෙරුණා.