Saturday, April 27, 2024

General line - 0115112241

රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමකින් ඊළාම් ආණ්ඩුවක් හදනවලු




ආණ්ඩුව බියටපත්ව හා තවදුරටත් නිහඬව සිටියහොත් බෙදුම්වාදීන් විසින් ඔවුන්ගේ ඊළාම් අපේක්ෂාව ළඟදීම ජයගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුමය විසින් අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී හෙතෙම වැඩි දුරටත් පැවසුවේ “දෙමළ බෙදුම්වාදය යුද්ධයෙන් පැරදුනාට පස්සෙ..අද අපිට හොරෙන් ඉතා ප්‍රබලව ලෝකය පුරා දෙමළ ඊළමට පිළිගැනීමක් ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් වෙනවා. සම්බන්ධන් සහ විග්නේෂ්වරන් මෙම මෙහෙයුමේ ඉන්නවා.  රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් හරහා ආණ්ඩුවක් හදා ගන්න ජාත්‍යන්තරය පුරා පැතිරුණු ‘දෙමළ ඊළාම් ආණ්ඩුව’ කටයුතු කරනවා. එහි අගමැති ධූරයට පත්කරගෙන ඉන්නෙ වී රුද්‍රකුමාරන්වයි.” යනුවෙනි.