Friday, September 20, 2024

General line - 0115112241

මීතොටමුල්ල කුණු නිසා ඒකල කැළඹෙයි




මීතොටමුල්ල කුණු කන්ද ඒකල ප‍්‍රදේශයට ගෙන ඒමට සූදානමක් ඇතැයි පවසමින් එම ප‍්‍රදේශවාසීන් පිරිසක් අද (12) උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ, ජා ඇල – මිනුවන්ගොඩ මාර්ගයේ මඩම මංසන්ධියේදීයි. කොළඹ කුණු ඒකලට අනවශ්‍ය බව උද්ඝෝෂකයින් එහිදී අවධාරණය කළා.

උද්ඝෝෂණය සිදුකෙරුණු ස්ථානයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන කවින්ද ජයවර්ධන ද පැමිණියා. ඔහු පැවසුවේ ආණ්ඩුවේ ප‍්‍රධානීන් සමග සාකච්ඡා කර උද්ඝෝෂකයින්ගේ මැසිවිල්ලට විසඳුමක් ලබාදෙන බවයි.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් ජා ඇල – මිනුවන්ගොඩ මාර්ගයේ වාහන ධාවනයට ද අද දහවල් බාධා සිදුවුණා.