Friday, September 20, 2024

General line - 0115112241

දයාසිරි රනිල්ට ‘සීසර්’ කියයි




සීසර්ගෙ මන්ත්‍රීකම සීසර් ළඟ තබා තමා එළියට බැස්ස බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවා.

අද (12) කුරුණෑගල ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළා. එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූවහොත් එතුමා සමග වැඩ කිරීමට බලාපොරොත්තුවන්නේද? නැද්ද? යන්නයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම පැවසුවේ “එතුමත් අපේ පක්ෂයේ නායකයෙක්. ඉතින් එතුමත් එක්ක වැඩ කරනවද? නැද්ද? කියන එක නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ. හෙට මේ පක්ෂයේ කවුරුහරි නායකයෙක් ආවොත් අපි ඒ නායකයත් එක්ක වැඩ කරනවා. මට තව කැරලි ගහන්න බැහැ. මම කැරලි ගහපු කාලෙ දැන් ගිහිල්ලා තියෙන්නෙ. එක්සත් ජාතික පක්ෂයේ මම හිටියෙත් කොන්ද කෙලින් තියාගෙන. එළියට යන්න ඕන වුනාම මන්ත්‍රිකම රනිල් වික්‍රමසිංහ මහත්තයාටම ආපහු බාර දීලා..සීසර්ගෙ දේ සීසර් ගාවම තියලා..මම එළියට ආවා.” යනුවෙනි.