Friday, September 20, 2024

General line - 0115112241

වසර 3කට වරක් මළගිය ඥාතීන් වළෙන් ගොඩ අරන් අලුත් ඇඳුම් අන්දන අරුම පුදුම චාරිත්‍රයක්(PHOTOS)



මිය ගිය මුතුන් මිත්තෝ වළලපු තැනින් ගොඩ අරන් අලුත් ඇඳුම් අන්දන මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා කිව්වොත් ඔබ පිළිගනීවිද?

ඔව් එහෙම ජනකොටසක් ඉන්නවා.මොවුන් ඉන්නේ ඉන්දුනීසියාවේ සුලාවේසී කියන දූපතේ.මොවුන් ට්‍රෝජන් නමින් හඳුන්වනවා.

ඔවුන් සෑම අවුරුදු තුනකට වරක්ම ඔවුන්ගේ මියගිය ඥාතීන් වළලපු තැනින් ගොඩ අරන් අලුත් ඇඳුම් අන්දලා ආපහු වළදානවා. මෙය ඔවුන්ගේ පුරාණ චාරිත්‍රයක් වත් පිලිවෙතක්.

මෙහි අරමුණ තම මියිගිය ඥාතීන්ට ආදරය හා ගෞරවය පුද දීම බවයි කියැවෙන්නේ.

මෙම උත්සවය Ma’nene Festival නැත්නම් මළමිණී පිරිසිදු කිරීමේ උත්සවය ලෙස හඳුන්වනවා.

අලුත් ඇඳුම් අන්දලා පෙලපාලියක් වගේ ගෙනියනවා

ට්‍රෝජන් ජනයාගේ ජීවිතයේ වැදගත් දෙයක් තමයි භූමිදානය.ඔවුන් ජීවිත කාලය පුරාම ඒ සඳහා මුදල් ඉතිරි කරන බවයි පැවසෙන්නේ.

ඔවුන් මළසිරුරක් වළලන විටදී එය ක්ෂය වීය අඩුකිරීමට ලෙයර් කිහිපයක් රෙදි එතීම සිදුකරනවා.

මෙම චාරිත්‍රයේ තවත් එක් වැදගත් පියවරක් ලෙස මිනිපෙට්ටි අලුත් වැඩියා කිරීම දැක්වෙනවා.

ට්‍රෝජන් මිනිසුන්ට අනුව මරණය යනු අවසානය නොවේ.එය ජීවිතයේ තවත් එක් පියවරක් පමණයි.

ඡායාරූප පහතින් නරඹන්න.

3811f78800000578-3780998-image-a-25_1473390691004

3811f7de00000578-3780998-image-a-27_1473390697972

3811f8c500000578-3780998-image-a-30_1473390732158

3811f8e700000578-3780998-relatives_carefully_dress_a_dead_man_in_fresh_clothes_before_reb-a-45_1473399594940

3811f8f900000578-3780998-image-a-47_1473399604769

3811f85e00000578-3780998-image-a-35_1473391129257

3811f88a00000578-3780998-image-a-28_1473390723903