ඉස්ලාම් භක්තිකයන් විසින් සමරනු ලබන ‘හජ්‘ උත්සවය පසුගිය සඳුදාට යෙදී තිබුණා.
මෙම උත්සවයේදී එක් චරිත්‍රයක් ලෙස හරක් මැරීම සිදුවන්නක්.
මෙම උත්සවය සැමරූ බංගලාදේශයේ ඩකා අගනුවර වැසියන්ට ඊයේ (13) දැක ගැනීමට ලැබී ඇත්තේ භයංකර දර්ශණයක්.
ඊයේ දිනයේදී ඩකා නුවරට වැසි සහිත දිනයක් වී ඇති අතර , එකතු වූ ජල ධාරාව ඩකා නුවර මැදින් ගලා ගියේ රතු පැහැති වර්ණයෙන්.
මෙය කොතෙක්ද කිවහොත් උඩින් ගන්නා ඡයාරූප වල නගරයෙන් ගලා ගිය ජලය දැක්වෙන්නේ එකම එක රතු ගංගාවක් ලෙසිනුයි.
පසුගියදා ඔවුන් විසින් ඝාතනය කරන ලද හරකුන්ගේ ලේ මෙසේ වැසි ජලයට එකතු වී තිබුණා.
මෙසේ වීමට කෙතරම් නම් සතුන් ප්‍රමාණයක් ඝාතනය කරන්නට ඇත් දැයි බොහෝ දෙනා විමසා සිටියා.
එහි ඡායාරූප පහතින් නරඹන්න.