Friday, September 20, 2024

General line - 0115112241

මම කළේ ‘ලිට්මස් පරීක්ෂණයක්‘ – සන්නා පළමු වරට හෙලිදරව් කරයි!



උපුල් ශාන්ත සන්නස්ගල..කලින් කලට විවිධ මාතෘකා ඔස්සේ සමාජයේ කතාබහට ලක්වන චරිතයක්.

ප්‍රවීණ දේශකයෙකු වන සන්නස්ගල පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදුණා.

කෙසේ වෙතත් එයින් ඔහුට පාර්ලිමේන්තු වරම් හිමි කර ගැනීමට හැකිවූයේ නැහැ.

එහිදී ලද පරාජය සහ එම ප්‍රතිඵලය පිළිබඳ ඔහු ප්‍රථම වරට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

එහිදී ඔහු පැවැසුවේ එම මැතිවරණය තමාට පාඨමාලාවක් වූ බවත් නමුත් ඒ පාඨමාලාව අවසානයේ තිබූ විභාගයෙන් තමන් ෆේල් වුණ බවයි.

“මං ඡන්දෙ ඉල්ලපු එක මට පාඨමාලාවක් වගේ. පොඩි කෝස් එකක්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ පාඨමාලාව හොඳයි. ඒකෙ වියදම වැඩියි. මේ රටේ පුරවැසියන්ට ඒ පාඨමාලාව ගන්න පුළුවන්නම් ඒක හැදෑරිය යුතු පාඨමාලාවක්. ඒත් වියදම වැඩියි නෙ. හැබැයි ඒ පාඨමාලාවෙ අවසානයේ තිබෙන විභාගෙන් මං ෆේල්. හැබැයි පාඨමාලාවෙන් ඉගෙනගත්ත දේවල්වලින් මං ෆේල් නෑ. ඒක මං සලකන්නෙ මං ජීවිතේ කරපු ලිට්මස් පරීක්ෂණයක් විදියටයි. ” යැයි ඔහු පැවැසීය.