Saturday, July 27, 2024

General line - 0115112241

සෞදි ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයින්ට හානි නැහැ




සෞදි අරාබියේ ඊයේ (04) සිදුවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරවලින් ශ‍්‍රී ලාංකිකයින් කිසිවෙකුට හානි සිදුවී නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එහි ප‍්‍රකාශිකා මහේෂිනී කොලොන්න මහත්මිය පැවසුවේ තානාපති සේවා හරහා එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගත් බවයි.

ශ‍්‍රී ලාංකිකයින් එක්ලක්ෂ අසූ දහසකට වැඩි පිරිසක් සෞදි අරාබියේ සේවයේ යෙදී සිටින බවයි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

ශුද්ධ නගරයක් වන මෙදීනා හි පල්ලියක් අසල, ජෙඩා හි අමෙරිකානු කොන්සල් ජනරාල් කාර්යාලයක් අසල සහ තවත් ස්ථානයක අදාළ මරාගෙන මැරෙන ප‍්‍රහාර සිදුවුණා.

මෙදීනා හි සිදුවූ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලැබූ බවයි බී.බී.සී. ලෝක සේවය පැවසුවේ.

මෙම ප‍්‍රහාරයන්ගේ වගකීම තවමත් කිසිවෙකු භාරගෙන නැහැ.

_90288867_033888577-1 dc-Cover-pck5m5ks84m470a4kl3uqhhhs0-20160704234150.Medi maxresdefault