Friday, September 20, 2024

General line - 0115112241

අපට කවුරුත් එකයි! අගමැති ෆේස්බුක් එකෙන් රතු එළි දල්වයි



‘කිසිදු පුද්ගලයෙක් අනෙක් පුද්ගලයන්ට වඩා විශේෂ වරප්‍රසාදිතයෙකු නොවනවා සේම, කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තීන්ට වඩා විශේෂ වරප්‍රසාද වෘත්තියක් බවට අප හදුනා නොගන්නා බවත්,වෘත්තීය ගැටලු විසදීම, වෘත්තීය අයිතිවාසිකම් ලබාදීම හා මේ රටේ බදු ගෙවන ජනතාවට උපරිම සේවාවක් අඛණ්ඩව ලබාදීම සදහා අප ප්‍රමුඛත්වය ලබා දෙන බවත්‘ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පළකර තිබෙනවා.

මෙ අතර අද (15) දිනයේ මාතර, කුරුණෑගල සහ මහනුවර යන දිස්ති‍්‍රක්කවල වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක නිරතවනවා.

ඒ තම දරුවන්ට රජයේ ජනප‍්‍රිය පාසලක හෝ ජාතික පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අවසර ලබා දෙන්නැයි බල කරමින්.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශ පරිශ‍්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ශ‍්‍රවණාගාරය තුළ රැඳී සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ට වහාම එම ස්ථානයෙන් ඉවත් වන්නැයි කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය අද (15) නියෝගයක් නිකුත් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ යෙදූ සටහන පහතින්..

456456467567