Friday, September 20, 2024

General line - 0115112241

පන්දු දහයෙන් වෝනර්ගේ මැද පොල්ල ගැලවේ..මැක්ස්වෙල්වත් දවාලයි – දැළ ඇතුළේ ලාංකික තරුණයෙක් ඕස්ට්‍රේලියාවට තරු පෙන්නලා (VIDEO)



ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නිම කරන තරගය ලෙස දෙවැනි විස්සයි විස්ස තරගය පසුගිය නව වැනි සිකුරාදා පැවැත්වුණා.

ඊට පෙර දින ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියා යන කණ්ඩායම් දෙකම මෙම තරගයට පෙර අවසන් පුහුණු සැසි සඳහා සහභාගි වී වෙමින් සිටියා.

මෙවන් පුහුණු සැසි සඳහා ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරන පන්දු යවන්නන්ගේ සහාය ලබාගැනීම සාමාන්‍ය සිරිතයි.

එලෙස පැමිණි රාගම ක්‍රිකට් සමාජයේ පන්දු යවන්නකු දහවල් ආහාරය ගනිමින් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පන්දු යැවීමෙන් අනතුරුවයි.

ඕස්ට්‍රේලියා කණ්ඩායම පුහුණුවන දෙස බලමින් ආහාර ගනිමින් සිටි ඔහු වෙත එක්වරම පැමිණියේ ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායමේ පුහුණුකරුයි.

පුහුණු සැසිය සඳහා ඕස්ට්‍රේලියා පිතිකරුවන් වෙත පන්දු යැවීමට හැකිදැයි පුහුණුකරු මෙම තරුණයාගෙන් විමසා තිබෙනවා.

කැමැත්තෙන්ම තරුණ පන්දු යවන්නා ඊට එකඟ වී තිබෙනවා.

පළමු පන්දු දහය ඇතුළතදී ඔහුට ඕස්ට්‍රේලියා නායක ඩේවිඩ් වෝනර්ගේ මැද ඉන්න ගලවා දැමීමට හැකියාව ලැබී තිබෙනවා.

පසුව තරුණයා වෙත පැමිණ උරහිසට තට්ටුවක් දැමූ ඕස්ට්‍රේලියා නායකයා “ගුඩ් බෝලින් මාලි” යැයි සඳහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව පන්දුවට පහර දුන්නේ විස්සයි විස්ස තරග දෙකේදීම ලංකාවට මහත් හිසරදයක් වූ ග්ලේන් මැක්ස්වෙල්ය.

වැඩි වේලා යන්නට මත්තෙන් ඔහුද උඩ පන්දුවක් ලබාදුන්නේය. මැක්ස්වෙල්ද තරුණයා වෙත පැමිණ “ස්ලිංගා බෝල්” යැයි සඳහන් කළ බවයි පැවසෙන්නේ.

මෙම ශ්‍රී ලංකික තරුණයා ලසිත් මාලිංග පන්දු යවන ඉරියව්වට සමානවම පන්දු යවන නවක ක්‍රීඩක කසුන් කල්දේරා යි.

කසුන්ගේ තොරතුරු ඔබට පහතින් නැරඹිය හැකියි.