Saturday, July 27, 2024

General line - 0115112241

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බි‍්‍රතාන්‍ය සැලැස්ම පෙබරවාරියේ සිට




යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බි‍්‍රතාන්‍ය සැලැස්ම ලබන පෙබරවාරී මාසයේ සිට ආරම්භ කරනු ඇතැයි විදෙස් මාධ්‍ය අද (17) වාර්තා කළා.

ඒ, බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ සහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් අතර පැවති හමුවක තොරතුරු අනාවරණ කරමින්.

එහි දී යුරෝපා සංගමයෙන් ඉවත් විමේ සාකච්ඡා පෙබරවාරියේ ආරම්භ කරන බව බි‍්‍රතාන්‍ය අගමැතිවරිය පැවසුවේ යැයි යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බි‍්‍රතාන්‍යයේ වසර දෙකක සැලැස්ම පිළිබඳ පැහැදිලි ඉඟිය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.