Tuesday, February 11, 2025

General line - 0115112241

නිව්යෝක් පිපිරීම CCTV කැමරාවක (VIDEO)




ඇමරිකාවේ නිව්යෝක් නුවර ආසන්නයේ මෑන්හැටන් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලත් පුද්ගලයින් සංඛ්‍යාව 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම පිපිරීම සම්බන්ධයෙන් CCTV කැමරාවක සටහන් වූ වීඩියෝවක්ද මේ වන විට මාධ්‍ය වෙත එක් වී තිබෙනවා.

මහා ශබ්දයක් සමග ඇති වූ පිපිරීමත් සමග මිනිසුන් හිස් ලූ ලූ අත දිව ගිය බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ.

නිව්යෝක් නගරයේ 9/11 ප්‍රහාරයට වසර 15ක් ගෙවෙන අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවීම නිසා මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවට එකහෙලා ප්‍රතික්ෂේප කළ නොහැකි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසිය ද හෙට (19) අමෙරිකාවේ නිව්යෝක් නුවරදී ආරම්භ වනවා. දින ගණනාවක් එය පැවැත්වෙනු ඇති.

මෙම 71 වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අද (18) අමෙරිකාව බලා පිටත්ව ගියා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)