Friday, September 20, 2024

General line - 0115112241

IS ත්‍ර‍ස්තයින් අවුරුදු 10ක දරුවෙකු ලවා සිරකරුවෙකු මරා දමන තවත් බිහිසුනු වීඩියෝවක් නිකුත් වෙයි



අයි එස් අයි එස් ත්‍ර‍ස්තවාදීන් විසින් කුඩා දරුවෙකු ලවා සිරකරුවෙකු මරා දමන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

මෙය සිදුවී ඇත්තේ ඉරාකයේ මොසුල් නුවර බවයි වාර්තා වන්නේ.

මෙම දරුවාගේ ජාතිකත්වය තහවුරු වී නැතත් මොහු යුරෝපියානු සම්භවයක් ඇති දරුවෙකු බවයි වාර්තාවන්නේ.

මොහුට අවුරුදු 10 පමණ වනු ඇති බවයි පැවසෙන්නේ.

වීඩියොවේ දැක්වෙන පරිදි අයි එස් ත්‍ර‍ස්තවාදියෙකු විසින් මෙම දරුවාට තුවක්කුවක් ලබාදෙනු ලබනවා.

ඉන් අනතුරුව ඔහු එම සිරකරුවාගේ හිසට වෙඩි තබනු ලබනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.