Tuesday, September 24, 2024

General line - 0115112241

බස්නාහිර මහඇමති උතුරු මහඇමතිට අනතුරු අඟවයි




ජාතිවාදය මතුවන ආකාරයෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ඇතැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය අමතමින්.

එහිදී “සිංහල ජනතාව ගොඬනැගිලි ඉල්ලුම් පත්‍රයන් යොමු කළ අවස්ථාවන්වලදී එතුමා බලපෑම් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපිට තොරතුරු තියෙනවා. එතුමා මේ තනතුරේ සිට සිදු කරන ප්‍රකාශ රටේ සාමයට වගේම ජාත්‍යන්තරයට යම් බලපෑමක් සිදු වෙනවා” යනුවෙන්ද සඳහන් කළා.

බස්නාහිර ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස තමන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට අනතුරු ඇගවීම් සිදුකරන බවයි ඔහු මෙහිදී කියාසිටියේ.

එහිදී “එතුමා දැනගත යුතුයි.. උතුරට පස්සේ වැඩිපුරම දෙමළ ජනතාවක් ජීවත් වෙන්නේ මගේ පළාතෙ..බස්නාහිර පළාතේ කියලා. එතුමා උතුරේ සිංහල ජනතාව අස්ථාවර කරන්න ගියොත්.. අපිටත් ඒ වගේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හැබැයි එතුමා වගේ පහත් මට්ටමේ කෙනෙක් නෙමෙයි මම.” යනුවෙන්ද පැවසුවා.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වර්තමානයේ ඉටුකරමින් සිටින්නේ දකුණේ අන්තවාදීන්ගේ අරමුණු දැයි සැක සහිත බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.