Tuesday, September 24, 2024

General line - 0115112241

බස්නාහිර මහ ඇමතිගෙන් ‘නෙත් නිව්ස්‘ වෙත මල් මිටක්




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අන්දමින් පවත්වාගෙන ගිය ට්විටර් ගිණුමක් නෙත් නිවුස් කළ දැනුම් දීමකින් පසු අත්හිටුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස නෙත් එෆ්.එම්. රේඩියෝව ක්‍රියා කළ ආකාරය පිළිබඳ සිය ප්‍රශංසාව පළ කරන බවයි ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

මෛත්‍රීපාල ‘සිරිසෙන්‘ නමින් මෙම ට්විටර් ගිණුම පවත්වාගෙන ගොස් තිබුණා.

විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ 2015 ජනාධිපතිවරණ සමයේදී එය ආරම්භ කර ඇති බවයි.