Tuesday, September 24, 2024

General line - 0115112241

ගුවන් ගමන් පාලකවරුන්ගේ වෘත්තීය අරගලය අවසන්




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුවන් ගමන් පාලකවරුන් පෙරේදා පස්වරුවේ දෙවන වරටත් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (06) රාත්‍රියේ යළි අත්හැර දැමුණා.

ඒ, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමග පැවති සාකච්ඡාවකින් පසුවයි.

ප්‍රධාන ඉල්ලීම් 04ක් සහ මූලික ඉල්ලීම් 08 ක් මුල් කර ගනිමින් ගුවන් ගමන් පාලකවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණා.

මේ නිසා ඊයේ (06) අලූයම් කාලයේ දී ගුවන් ගමන් රැසක් ප්‍රමාද වූ බවයි නෙත් නිව්ස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

ගැටළුව සම්බන්ධයෙන් පෙරේදා පස්වරුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ඇතිකර ගත් එකඟතා අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැර දැමුන ද එම එකඟතා ක්‍රියාත්මක නොවීම නිසා ගුවන් ගමන් පාලකවරු යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා සාර්ථක වීම නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමටයි ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය තීරණය කළේ.