Tuesday, September 24, 2024

General line - 0115112241

නියගය නිසා වැසුණු රජරට පීඨ 2 සඳුදා ඇරේ




පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් ඉකුත් 29 වනදා සිට වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ තුනෙන් දෙකක් ලබන සඳුදා සිට යළි විවෘත කෙරෙනවා.

ඒ අනුව ව්‍යවහාරික විද්‍යා පීඨය හා කළමනාකරණ අධ්‍යයන පීඨය එලෙස විවෘත කෙරෙන බවයි රජරට විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී ඒ. එම්. ජී. බී. අබේකෝන් සඳහන් කළේ.

කෙසේ වෙතත් මානව ශාස්ත්‍ර පීඨය පසුව විවෘත කරනු ඇති.

විවෘත කෙරෙන පීඨ දෙකේ සිසුන්ගේ නේවාසිකාගාරවලට සහ විශ්ව විද්‍යාල පරිශ්‍රයට අවශ්‍ය ප්‍රමාණයට ජලය සැපයීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පොරොන්දු වී තිඛෙනවා.

ඒ අනුව අදාළ පීඨ දෙකේ සිසු සිසුවියන්ට ඉරිදා පස්වරු හයට පෙර සිය නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙසයි විශ්ව විද්‍යාල පාලනාධිකාරීය දැනුම් දී තිඛෙන්නේ.