Tuesday, September 24, 2024

General line - 0115112241

ලංකාවට හොඳයි ලෝකෙට හොඳායි – නව ජගත් මහලේකම් ගැන දයාන් කියන කතාව




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළඟ මහ ලේකම්වරයා ලෙස පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙකු වන ඇන්තෝනියෝ ගුටරේස් පත් කිරීම වඩාත් සුබදායි බව හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඇන්තෝනියෝ ගුටරේස් ඉතාමත් ප්‍රායෝගික යථාර්තවාදී ප්‍රතිපත්ති ගරුක නායකයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

ඔහු මෙම පත්වීම ලංකාවට සුබදායි බවද,ලෝකයට වඩාත් සුභදායි බවද ආචාර්ය දයාන් ජයතිලක පැවසුවා

බැන්කි මූන්ගේ ඉවත් වීමෙන් පුරප්පාඩු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධුරය සඳහා පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙකු වන ඇන්තෝනියෝ ගුටරේස් පත් කිරීමට ජගත් ආරක්ෂක මණ්ඩලය ඊයේ ඒකමතිකව තීරණය කළා.