Tuesday, September 24, 2024

General line - 0115112241

ප‍්‍රසන්නට එරෙහි නඩු විභාගයට දින නියම වෙයි




ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු මහඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව එළැඹෙන ජනවාරි 26 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළා. ඒ, මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක ඉදිරියේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

කොලොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ලබාදෙන බව පවසා අදාළ ව්‍යාපාරිකයාගෙන් මෙම මුදල ලබාගෙන ඇති බවටයි විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ.