Tuesday, September 24, 2024

General line - 0115112241

ජනපතිට තායිලන්තයේදී ඉහළ පිළිගැනීමක්




තායිලන්තයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (07) දහවල් බැංකොක් නුවර ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් එරටට ළඟා වුණා.

තායිලන්ත රජය වෙනුවෙන් එරට සංස්කෘතික අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාව එහිදී මහත් හරසරින් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

විශේෂ හමුදා උත්තමාචාර ද සහිතව අභිමානවත් ලෙස ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා එහිදී පිළිගැනුණු බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයට පැමිණියේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට සහභාගි වීම සඳහායි.

රටවල් 34ක සහභාගිත්වයෙන් හෙට (08) ආරම්භ වන සමුළුව ලබන 10 වෙනිදා දක්වා පැවැත්වෙනවා.

එළැඹෙන 9 වෙනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමුළුවට ඇමතීමට නියමිතයි.