Tuesday, September 24, 2024

General line - 0115112241

ළමා ලෝකයට අපූර්වත්වය ගෙනෙන ‘‘නෙත් විශ්මලන්තය’’ අද පිටබැද්දරදී




නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන ‘‘නෙත් විශ්මලන්තය’’ ලෝක ළමා දින සැමරුම පිටබැද්දර ඩඞ්ලි සේනානායක ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැත්වෙනවා.

ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට ද සතුටු විය හැකි බොහෝ කි‍්‍රයාකාරකම් නෙත් විශ්මලන්තයට ඇතුළත්.

ඒ පිළිබඳ කරුණු දැක් වූ නෙත් එෆ්.එම්. ප‍්‍රධාන අලෙවි නිලධාරී නිශාන්ත කේ. දහනායක සඳහන් කළේ දරුවන් වෙනුවෙන් සංවිධානය කෙරෙන දැවැන්තම වැඩසටහන ලෙස මෙය හඳුන්වා දිය හැකි බවයි. විශේෂයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින දූ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සංවිධානය කර ඇති බවත් පැවසුවා.

(එම හඬපටය පහතින් අහන්න)

නෙත් විශ්මලන්තය සඳහා අනුග‍්‍රහය ලබාදෙන්නේ මන්චි නිෂ්පාදන සහ මහජන බැංකුවයි. පොලිසිය, පිටබැද්දර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිටබැද්දර වෙළෙඳ සංගමය සහ ඩඞ්ලි සේනානායක විද්‍යාලය ඇතුළු ආශ‍්‍රිත පාසල්, සංවිධාන කටයුතු සඳහා එක්වී සිටිනවා.


නෙත් ‘විශ්මලන්තය 2016’’ හෙට පිටබැද්දරදී

(Oct 7, 2016 @ 20:27 )

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන ‘විශ්මලන්තය 2016’’ පිටබැද්දර ඩඞ්ලි සේනානායක ක‍්‍රීඩාංගණයේදී හෙට (08) පැවැත්වෙනවා. ඒ සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

දරුවන්ගේ විනෝදය, දැනුම, ආකල්ප සහ කණ්ඩායම් හැඟීම් වැඩිදියුණු කරන විවිධ තරග මෙන්ම වැඩසටහන් ද මේ යටතේ සංවිධාන කර තිබෙනවා.

ඒවාට සහභාගි වීමෙන් වටිනා ත්‍යාග දිනා ගැනීමට ද අවස්ථාව හිමියි.

පිටබැද්දර ඩඞ්ලි සේනානායක ක‍්‍රීඩාංගණයේදී හෙට (08) උදෑසන 8.30ට ආරම්භ වන මෙම වැඩසටහන දවස පුරා පැවැත්වෙනවා.