Tuesday, September 24, 2024

General line - 0115112241

“පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි ළඟදීම මාරු වෙනවා”




පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත‍්‍රී සංයුතිය වෙනස් කිරීම එතරම් අපහසු දෙයක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

වැඩි කල් නොගොස් එවැනි වෙනසක් සිදු වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ‘‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’’ යන මැයෙන් රත්නපුරයේ ඊයේ (08) පැවති ආණ්ඩු විරෝධි රැළියේ දී මෙම අදහස් පළ කෙරුණා.

මෙම අවස්ථාවේ සියලු දෙනා එක්විය යුත්තේ දිනාගත් රට නැවත නොබෙදා ආරක්ෂා කර ගැනීමට බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී අවධාරණය කළා.

මෙහි දී අදහස් දැක් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කියා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ මාධ්‍ය නිදහස ද අහුරා ඇති බවයි. මන්ත‍්‍රීවරයා එම අදහස් පළ කළේ රැළිය ආවරණය කිරීමට යොදා තිබූ එක් එක් මාධ්‍ය ආයතනවල ලාංඡන සහිත මයික‍්‍රෆෝන ද පෙන්වමින්.

මාධ්‍ය නිදහස ඇත්නම් නොබියව ප‍්‍රචාරය කරන ලෙස අභියෝග කරමින්, විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා තවත් ප‍්‍රකාශයක් කළා.

(එම ප්‍රකාශය පහතින් අහන්න)

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර ද රැළිය අමතා කතා කළා. ඔහු පැවසුවේ ජනතාව දැන් සිටින්නේ මැතිවරණයක් පිළිබඳ පිපාසයෙන් බවයි.

(එම ප්‍රකාශය පහතින් අහන්න)

(රැළිය අමතමින් කතා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි.)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සියලු දෙනාම පාහේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයින් ද මෙම රැළියට සහභාගී වී සිටියා.

 

14492378_1035659456551874_6221677643361306378_n 14494647_1035659726551847_1456700552895201707_n 14502745_1035658316551988_264579592111947512_n 14502913_1035657819885371_4773937707030382200_n 14502913_1035658986551921_1628279896737799626_n 14516369_1035660913218395_3028260020462906547_n 14516386_1035659603218526_6916443728136644225_n 14517419_1035661156551704_2785855946611975691_n 14517538_1035660093218477_6346903808574562474_n 14519705_1035657829885370_9154988872082075456_n 14525011_1035662219884931_8248491936392075458_o 14525057_1035660229885130_8663922741402382386_o 14542333_1035658886551931_512911973766084789_o 14556584_1035660456551774_3146734510848623898_o 14563299_1035657419885411_7593203468601442793_n 14563316_1035658223218664_7469841670960569371_n 14563457_1035661579884995_2177754296992470585_n 14567598_1035659363218550_5870701580481674004_o 14568088_1035662236551596_1782726450670208579_n 14570290_1035658733218613_2257515205169935188_n 14570367_1035661023218384_1174401360858049665_n 14572362_1035662513218235_956782726196784564_n 14572882_1035661433218343_4759846297323967489_n 14581564_1035659279885225_231871791992614934_n 14590286_1035660729885080_3122234148589838204_n 14591578_1035657426552077_7787313081299255915_n 14591691_1035660556551764_5017442398424437721_n 14591832_1035661293218357_3508744901980650891_n 14600848_1035658063218680_4858562289886875062_n 14600923_1035659833218503_6783816927655669173_n 14604860_1035658939885259_6432028154838521983_n 14611093_1035658773218609_7952313967034030433_n 14611124_1035657766552043_6697480206469431679_n 14612492_1035660619885091_1622586249643782590_o 14650186_1035658596551960_77422811506223479_n 14650746_1035662289884924_4211539166795431658_n

(පහත වීඩියෝවේ කාලය 12.00 සිට නරඹන්න..)