Tuesday, September 24, 2024

General line - 0115112241

පොලිස්පතිගේ ඉලක්කය පොලිසියට මතක් කරයි




පොලිසිය කටයුතු කළ යුතු න්‍යාය පත‍්‍රය කුමක්දැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහනුවර ඊයේ (08) පැවති උත්සවයක දී පොලිස් නිලධාරීන්ට පැවසුවා.

ඒ, පොලිස් නිලධාරීන් තමන් කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කරගත යුතු බව ද සඳහන් කරමින්.

එහිදී “මගේ ආදරණීය පොලිස් නිලධාරිනි, සරල වෙන්න.. මනුස්සයින්ට ආදරය කරන්න.. අහගෙන ඉන්න..නම්‍යශීලි වෙන්න..ඒ වගේම තමයි පස්සෙ දොරෙන් වැඩ කරන්න එපා..ඝෘජුව වැඩ කරන්න. වෙනත් න්‍යාය පත්‍රයන්ට වැඩ කරන්න එපා.” යනුවෙන්ද සඳහන් කළා.

අපරාධ පැමිණිලි විසඳීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට ඇති ඉලක්කයක් ද මෙහි දී සඳහන් කෙරුණා. ඒ අනුව වාර්තා වෙන සියලුම අපරාධවලින් සියයට හැත්තෑවක් අනිවාර්යයෙන් විසඳුම් ප්‍රතිඵලයක් සමග වසර අවසානයේ වාර්තා කළ යුතු බවයි පැවසුවේ.