Tuesday, September 24, 2024

General line - 0115112241

ජලය සොයා කිඹුලන් ගොඩ එයි – ජනතාව බියෙන් (PHOTO)




වැසි නොමැති වීමෙන් ජල මූලාශ‍්‍ර සිඳී යමින් තිබීම නිසා කිඹුලන් ගොඩබිමට පැමිණීමේ නැඹුරුවක් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

එලෙස ජලය සොයාගෙන පැමිණි කිඹුලෙකු මුලතිව් මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ දී ප‍්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබෙනවා.

එම කිඹුලා අද (09) දිනයේ වනජීවි නිලධාරීන්ට භාරදෙන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

වැසි නොමැති වීම නිසා ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කවල වැසියන් ද පීඩාවට පත්ව සිටින බවත් එහි වගා කටයුතුවලට පවා බාධා සිදුව ඇති බවත් නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

දැඩි වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශවල භූගත ජල මට්ටම සීඝ්‍ර ලෙස පහළ බැස ඇති බවත් සඳහන්.

මාතලේ දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම සේවා වසම් 37 ක පවුල් 3000 කට වැඩි සංඛ්‍යාවක් ද මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වෙන්නේ.

unnamed