Tuesday, September 24, 2024

General line - 0115112241

“300 කට වැඩි බලයක් එජාපය ගන්නවා”




ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන රැළි හෝ වෙනත් විරෝධතා ආණ්ඩුවට බලපෑමක් ඇති නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ‘‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’’ නමින් රත්නපුරේ ඊයේ (08) පැවති ජන රැළිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය කුමක්දැයි නෙත් නිවුස් කළ විමසීමකදීයි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ද සැබෑ ජනමතය උරගා බැලීමට හොඳ අවස්ථාවක් බව මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

එම මැතිවරණයේ දී පළාත් පාලන ආයතන 330 කට ආසන්න සංඛ්‍යාවෙන් 300 කට වැඩි ගණනක බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වන බවයි අශෝක අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.