Tuesday, September 24, 2024

General line - 0115112241

ජේලර්වරුන්ට උසස්වීම්




බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ජේලර් තනතුරේ සිට වැඩබලන සහකාර අධිකාරී තනතුරට නිලධාරීන් පස් දෙනෙකු උසස් කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ බන්ධනාගාර පුහුණු පාසලේ සේවයේ නියුතු රජිව් ශී‍්‍රමාල් සිල්වා මහර බන්ධනාගාරයේ සහකාර අධිකාරී තනතුරට පත්කෙරුණු බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ නියුතු ඒ.සී ගජනායක කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා ලෙස පත් කර තිබෙනවා.

ගාල්ල බන්ධනාගාරයේ එස්. කුඩාබණ්ඩාර මැගසින් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයායි. බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරී කළ පී. රාජකරුණා පල්ලෙකැලේ බන්ධනාගාරයේ වැඩ කඳවුරෙහි සහකාර අධිකාරි තනතුරට උසස් කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයා වන්නේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සේවය කළ ඩබ්ලිව්. විමලරත්නයි.