Tuesday, September 24, 2024

General line - 0115112241

මහනුවරට පැය 36 ක ජල කප්පාදුවක්




අද (09) රාත‍්‍රී නවයේ සිට ලබන 11 වන දා පෙරවරු 9 දක්වා පැය 36 ක කාලයක් මහනුවර ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

පොල්ගොල්ල උකුවෙල උමං මාර්ගයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය පරීක්ෂාවක් මීට හේතුවයි.

ඒ අනුව පාතදුම්බර, හාරිස්පත්තුව සහ අකුරණ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ද කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ලේවැල්ල, සිරිමල්වත්ත, අමුණුගම සහ වළල යන ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටවනු ඇති.

මහනුවර මහ නගර සභා බල ප‍්‍රදේශයේ අස්ගිරිය ජල තටාකය මගින් ජලය බෙදා හරින ප‍්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටවෙනවා.

මේ නිසා අපහසුතා මග හරවා ගැනීම සඳහා ජලය කල් ඇතිව රැස්කර තබා ගන්නා ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.