Tuesday, September 24, 2024

General line - 0115112241

ජනපති තායිලන්තයේ එමරල්ඩ් බුද්ධා විහාරය වැඳපුදා ගනියි




තායිලන්තයේ සිවුදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා බැංකොක්නුවර පිහිටි ඓතිහාසික එමරල්ඩ් බුද්ධා විහාරස්ථානය වැදපුදා ගත්තා.

ජනාධිපතිවරයා එහිදී ආගමික වතාවත්වලද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

විහාරස්ථානය වැඳපුදාගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස බැංකොක් නුවර ඓතිහාසික ග‍්‍රෑන්ඩ් පැලස් රාජ මාලිගයද නැරඹුවා.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ආසියානු සහයෝගිතා සංවාද රාජ්‍ය නායක සමුළුව අමතමින් විශේෂ දේශනයක්ද සිදු කිරීමට නියමිතයි.