Tuesday, September 24, 2024

General line - 0115112241

සෙල්ෆියක් වැරදී ලාංකික දැරියන් දෙදෙනෙක් ඕමානයේදී මරුට




ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති දැරියන් දෙදෙනෙකු ඕමානයේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ සිය පවුලේ සාමාජිකයන් සමග ලෝකප‍්‍රකට එන් ගාර්සස් සංචාරක ප‍්‍රදේශයේ විනෝද චාරිකාවකට එක්ව සිටි අවස්ථාවේදීයි.

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ දැරීමත් සමග මෙම දැරියන් අනතුරට ලක්ව ඇති බවයි ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

එක් දැරියක් සෙල්ෆි ඡායාරූපය ගැනීමට උත්සහ දරා ඇති අතර ඇයගේ පය ලිස්සා ගැඹුරු දියට වැටී තිබෙනවා.

පසුව අනෙක් දැරිය ඇය බේරා ගැනීමට උත්සහ දැරීමේදී ඔවුන් දෙදෙනාම දියේ ගිලී තිබුණා.

කෙසේ වෙතත් ඔවුන් බේරාගෙන රෝහල් ගත කෙරුණද ඔවුන්ගේ දිවි බේරා ගැනිමට හැකිවී නැහැ.

ජිවිතක්ෂයට පත් වූ එක් දැරියක් ඕමානයේ ඉන්දියානු පාසලක ඉගෙනුම ලබන දෙල්සාරා හේරත් සමරවීර ලෙස හඳුනාගෙන තිබෙනවා.

සයිනාබ් ලෙස හඳුනාගෙන ඇති අනෙක් දැරිය එරට පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබමින් සිටි අයෙක්.

511451 maxresdefault