Tuesday, September 24, 2024

General line - 0115112241

ලෝකයේ අයි.එස් බලය ශ‍්‍රී ලංකාවට සමාන වෙයි




අයි එස් සංවිධානයේ පාලනයේ පැවති භූමි ප‍්‍රමාණයෙන් 4න් එකකට වැඩි ප‍්‍රමාණයක් ඔවුන්ට මේ වන විට අහිමි වී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

මේ වසර ආරම්භයේදී අයි එස් සංවිධානයේ පාලනයේ පැවති භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් හැත්තෑ අටදහසකට අධිකයි.

එහෙත් මේ වන විට අයි එස් පාලනයේ පවතින භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් හැටපන්දහස් පන්සියයක් බවයි ජාත්‍යන්තර ආරක්ෂක දත්ත විශ්ලේෂකයින් පිරිසක් ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

එය ශී‍්‍ර ලංකාවේ විශාලත්වයට සමාන බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

_91562310_a30173fe-f73f-4c00-8509-2cefe08792e5 _91562312_3390a720-2496-41c6-8524-9375eca8553f 2015_iraq_syria_control_976_v4