Tuesday, September 24, 2024

General line - 0115112241

“නීතීයෙන් නැතත් ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙයි”




විදුලිබල ක්‍ෂේත‍්‍රයෙන් ගසා කෑ පුද්ගලයින්ට මෙරට නීතියෙන් දඬුවම් නොලැබුණද ස්වභාව ධර්මයෙන් ගැලවීමට නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ අද (09) පැවැති උත්සවයක් අමතමින්.

“අපේ විදුලිබල ඉංජිනේරු මහත්වරුන්ගේ සංගමය කියලා තිබුණා විදුලි හිඟයක් එනවා 2018 කියලා. උපයෝගීති කොමිසමේ අයත් කියලා තියෙනවා 2018 විදුලි හිඟයක් එනවා කියලා. ඉතිං ආයේ ලයිට් කපන්න ගියොත් , ඩීසල් බලාගාර ගෙනල්ලා මෙහේ ගහගන්න ගියොත්, ඔන්න පරණ වලේ ආයේ වැටෙනවා ලංකා විදුලි බල මණ්ඩලය. බොහෝම අමාරුවෙන් මේක මෙතනට ගොඩගහගත්තේ. මම දන්නවා මේකෙන් ගසාකාපූ කට්ටිය.සමහරු අද ඕස්ට්‍රේලියාවේ මාලිගා හදාගෙන ඉන්නවා. සමහරු තවත් රටවල්වල හොඳින් ජීවත් වෙනවා මෙහෙ හොඳට හොරකම් කරලා ගිය අය. නමුත් මේ රටේ නීතීයේ තියෙන ප්‍රශ්ණ මත එයාලා නිදහස් වුණාට ස්වභාව ධර්මයේ නීතීයෙන්වත්, හෘද සාක්ෂියෙන්වත් ගැලවෙන්න බැහැ”.

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් තත්වය පිලිබඳවද අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළා.

“හුඟ දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි විදුලි බල මණ්ඩලය පාඩුයි, ඒ පාඩුවට හේතුව දූෂණ කියලා. එහෙම හිතන ආකල්පයක් මේ එලියේ තියෙනවා. විදුලි බල මණ්ඩලයේ දැන් පාඩු නැහැ. විදුලි බල මණ්ඩලය පසුගිය වසරේ බිලියන 20ක ලාභයක් වාර්තා කළා. ඒ වගේම අපි පසුගිය වසරේ විදුලි බල මණ්ඩලය මුදල් අමාත්‍යංශයේ බලපෑමෙන් මුදාගත්තා. මොකද මේ රටේ විදුලි බල මණ්ඩලයයි තෙල් සංස්ථාවයි යොදාගෙන මේ ආණ්ඩුවේ සල්ලි ප්‍රශ්ණ විසඳන වැඩපිළිවෙලක් ගෙනිච්චා. දැන් විදුලි බල මණ්ඩලය ස්වාධීනයි. 24 පැයම විදුලිය තියෙනවා. ආයතනය ලාභදායී”.

මෙම උත්සවය සංවිධාන කර තිබුණේ ලංකා විදුලිබල මණ්ඩලයේ විශ‍්‍රාම වැටුප්ලාභීන්ගේ සුබසාධක සංගමයේ විසිවැනි සංවත්සරය වෙනුවෙන්.

patali-champika-ranawaka-1 patali-champika-ranawaka-2 patali-champika-ranawaka-3 patali-champika-ranawaka-4 patali-champika-ranawaka-5 patali-champika-ranawaka-6 patali-champika-ranawaka-7