Tuesday, September 24, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලට වෙඩි තැබූ මහ මොළකරු ඝාතනය කෙරේ




2009 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදි එල් වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කර තිබෙනවා.

ඒ ඇෆ්ගනිස්ථානයේ සිදු කළ විශේෂ හමුදා සෝදිසි මෙහෙයුමකදියි. ඇෆ්ගන් හමුදාව සහ නේටෝ හමුදාව එක්ව මෙම මෙහෙයුම ඊයේ (08) දියත් කර ඇත්තේ පක්ටිකා ප‍්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින්.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන සිටියේ ක්වාරි අජ්මාල් නමැත්තෙක්.

ඊයේ සිදු කළ මෙම සෝදිසි මෙහෙයුමේදී ඔහුට අමතරව තවත් ත‍්‍රස්තවාදීන් තිදෙනෙකු ඝාතනය කෙරුණා. ක්වාරි අජ්මාල් පන්ජාබ් නුවර ජීවත් වන්නෙකු බවත්, ලාෂ්කාර් ඊ ජාන්ග් වී ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු බවත් හෙලිකර ගෙන තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම රැගත් බස් රථයට දස දෙනෙකුගෙන් සමන්විත ත‍්‍රස්ත කණ්ඩායමක් ප‍්‍රහාරයක් එල්ල කළේ 2009 වසරේ මාර්තු මස 03 වැනිදායි. ඒ ගඩාෆි කී‍්‍රඩාංගණය ආසන්නයේදීයි.

එහිදී කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, චමන්ද වාස්, තිලාන් සමරවිර, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල් හා තරංග පරණවිතාන තුවාල ලැබුවා.

1171349-imagex-1472366268-635-640x480 lahore_01 photo_1236104165764-11-0