Tuesday, September 24, 2024

General line - 0115112241

තාජුඩීන්ගේ අස්ථි කොටස් ගැන ‘සයිටම්’ පැහැදිළි කරයි




මිනිස් අස්ථි කොටස් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ඉල්ලුම් කළේ තාජුඩීන්ගේ මරණයට පෙර බව මාලබේ සයිටම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

තමන් සතුව තිබූ මිනිස් අස්ථි කොටස් අධ්‍යාපනික අරමුණු සඳහා ළඟ තබා ගත් ඒවා බවත් ඒවා අතර රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ශරීරයේ කොටස් තිබූ බවට සඳහනක් නොමැති බවත් මාලබේ සයිටම් ආයතනය එම නිවේදනය නිකුත් කරමින් පෙන්වා දී තිබෙනවා.

මිනිස් අස්ථි කොටස් ලබාදීමෙන් පසු ඒවායේ හිමිකරුවන් සම්බන්ධ නාම ලේඛනයේ වසීම් තාජුඩීන්ගේ නම නොතිබූ බවයි එහි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය පවත්වන පර්යේෂණ සඳහා සහාය ලබාදීම වෙනුවෙන් සයිටම් ආයතනයේ උප කුලපති ආනන්ද සමරසේකර නිවාඩු ලබා ආයතනයෙන් ඉවත්ව ඇතැයි ද එම නිවේදනයේ දක්වා තිබෙනවා.