Friday, March 29, 2024

General line - 0115112241

ඇමති තෙවරප්පෙරුම ජනපති ළඟට යන්න සැරසෙයි




මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් දරුවන් ඇතුළත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක් වූ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා යළිත් සිය අරගලය ආරම්භ කිරීමට සූදානම් වනවා. පළමුව තමන් එ් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (07) ඇප ලබා පැමිණීමෙන් පසු නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් මෙම අදහස් පළ කළා.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ මැදිහත්වීමෙන් විද්‍යාලයට ඇතුළත් කළ ළමුන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා සිදු කළ ප‍්‍රකාශයකටද මෙහිදී ප‍්‍රතිචාර පළ වුණා. රංජිත් සෝමවංශ මහතා ප‍්‍රකාශ කර තිබුණේ අදාළ ළමුන් මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කළ නොහැකි බවයි. ඔවුන්ට වෙනත් පාසල් දෙකක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණා. එහෙත් එය නීති විරෝධී බවයි පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ.