Friday, April 19, 2024

General line - 0115112241

හිට්ලර් ඉපදුන නිවස නිසා ඔස්ට්‍රියාව උණුසුම්




ඇඩොල්ෆ් හිට්ලර් උපත ලද නිවස කඩා ඉවත් කිරීමේ සැලසුම අත්හැර දැමූ බව ඔස්ටි‍්‍රයා රජය පවසනවා.

ඉකුත් සඳුදා එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණේ විශේෂඥ කමිටුවක් විසින් අදාළ ගොඩනැගිල්ල විනාශ කළ යුතු බවට තීරණයක් ගනු ලැබ ඇති බවයි.

නව නාසිවාදීන්ගේ ප‍්‍රණාමයට පාත‍්‍ර වීම වැළැක්වීම ගොඩනැගිල්ල විනාශ කර දැමීමේ එක් අරමුණක් වුණා.

කෙසේ වෙතත් අදාළ නිවස එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුම සිය නිර්දේශයක් නොවන බව ප‍්‍රවීණයින්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව ප‍්‍රකාශ කර තිබෙනවා.

1889 අපේ‍්‍රල් මස 29 වෙනිදා හිට්ලර් උපත ලැබුවේ ඔස්ටි‍්‍රයා ජර්මානු දේශසීමාවේ පිහිටා ඇති අදාළ නිවසේ ඉහළ මාලයේ කුලියට ගෙන තිබූ කාමරයකයි.

1944දී නාසි පාලනය බිඳවැටීමත් සමග අදාළ නිවස වසා දැමුණා.

adolf-hitlers-birth-house adolf-hitlers-home