Wednesday, April 24, 2024

General line - 0115112241

චීන විදේශ ඇමති ශ‍්‍රී ලංකාවට




චීන විදේශ අමාත්‍ය වැන්ග් යි මහතා අද (08) පස්වරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණියා.

නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ චීන විදේශ අමාත්‍යවරයා සමග 9 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණි බවයි.

ලක් රජයේ ආරාධනයකට අනුව චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස මෙලෙස ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් හෙට (09) දිනයේදී රජයේ අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි.