Tuesday, December 24, 2024

General line - 0115112241

රංගනයටත් NVQ4 පාඨමාලාවක්




තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියෙන් හා ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරියේ උපදේශකත්වයෙන් රංගනය පිළිබඳ NVQ4 මට්ටමේ සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ කර තිබෙනවා. 

ඒ, ටවර් හෝල් රඟහල පදනම විසින් රංගන කේෂ්ත්‍රය සඳහා අවශ්‍ය පුහුණු වෘත්තිකයින් බිහිකිරීමේ අරමුණින්. 

මෙම පාඨමාලාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය විෂය නිර්දේශ සකස් කිරීම ජාතික ආධුනික සහ කාර්මික පුහුණු අධිකාරියේ න්‍යාමනයන්ට අනුව, කේෂ්ත්‍රයේ ප්‍රවීණතම නිර්මාණකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුකර තිබෙනවා. 

එය රංගනය පිළිබඳව ශ්‍රී ලාංකාවේ ආරම්භ කරන ලද පළමු NVQ4 පාඨමාලාව වනවා.

ඒ අනුව වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාව ඇතුළු සියලු කලාවන්ගෙන් යුත් ශ්‍රී ලාංකේය කලාකෙත පෝෂණය කිරීම උදෙසා වෘත්තීය රංගන ශිල්පීන්, ශිල්පිනියන් බිහිකිරීම මෙම පාඨමාලාව හරහා සිදුකිරීමට හැකි වී තිබෙනවා. 

මෙම පාඨමාලාවේ මීළඟ කණ්ඩායම සඳහා සිසුන් බඳවාගැනීම ජනවාරි මස ආරම්භ කිරීමට නියමිතයි.

රංගන කේෂ්ත්‍රයට වෘත්තීය රංගන ශිල්පියෙකු ශිල්පිනියක ලෙසින් පිවිසීමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට මෙම පාඨමාලාව හැදෑරීමට ටවර් හෝල් රඟහල පදනම අවස්ථාව සලසා දී තිබෙනවා.